ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg

විදුහල්පති පණිවිඩය

G.L.S. රොෂාන් පියතුමා

කුලියාපිටිය නගරයේ පිහිටා ඇති එකම පිරිමි පාසල වන කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය මෙම ප්‍රදේශයේ ඇති කීර්තිමක් පාසලකි. වසර 128 ක දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුන්‍ය භූමිය විසින් රටට වැඩදායී විශාල දරු පරපුරක් ජාතියට දායාද කර ඇත.

පොදු අරමුණු ඉටුකර ගනිමින් මූලික නිපුණතා අත්පත් කර දීමට මෙන්ම, නව සහශ්‍රයට ගැලපෙන සිසු පූජාවක් ලෙසින් දරුවන් සමාජගත කිරීමෙහිලා පාසල් පද්ධතියට ඇති කාර්යභාරය අතිමහත්ය.  නව ලොවට ගැළපෙන ආකාරයට නවීන තාක්ෂණය භාවිත කරමින්  නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට අපගේ අරමුණයි.

​පාසල පිළිබඳ නවතම ප්‍රවෘත්ති,ජයග්‍රහණ හා වැදගත් නිවේදන පිළිබඳ  යාවත්කාලීන කිරීමට විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ  වෙබ් නිර්මාණ කණ්ඩායම සිදුකරන මෙම කාර්යයට  සුබ ප්‍රාර්ථනා කරන අතර අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.  පාසල තුළින් බිහිවන පරපුර අනාගත වැඩ ලෝකය තුළ විශිෂ්ටත්වයෙන් බැබලේවායි ප්‍රාර්ථනා කරමි.

G.L.S. රොෂාන් පියතුමා
විදුහල්පති
කුලි/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය.