ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

ශාන්ත ජෝශප් මහා විද්‍යාලය

2024 දෙවන වාර පරීක්ෂණය අගෝස්තු 27 වනදා ඇරඹේ.

6 ශ්‍රේණිය සිසුන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහනක් අගෝස්තු 12 වන දා පැවැත්වේ.

art.jpeg
WhatsApp Image 2024-03-15 at 09.33.44.jpeg
IMG-20231011-WA0006.jpg
  • විද්‍යාලයීය සම්ප්‍රධායන් නීතී රීති හා ගෞරවය ආරක්ෂා කිරීමට සෑම ශිෂ්‍යයෙකුම බැදී සිටී.
  • විද්‍යාලය පැවත්වෙන දිනපතාම ශිෂ්‍යයන් විද්‍යාලයට පැමිණිය යුතුය.
  • විද්‍යාලයට නොපැමිණියේ නම් ඊට හේතුව දෙමාපියන් විසින් ප්‍රගති වාර්තා පොතේ සඳහන් කර එය පංතිභාර ගුරුභවතාට දැන්විය යුතුය.
  • බෝවන රෝගයකින් පෙලෙන්නේ නම් ඒ බව විද්‍යාලයට දන්වා එවිය යුතු අතර දරුවා පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂක නීතී පිළිපැදීම දෙමාපියන්ගෙන් අපේක්ෂා කෙරේ.
  • නියමිත වේලාවට විනාඩි 15කට පෙරවත් පාසලට පැමිණිය යුතුය.
  • පාසල් කාලය තුලදී හෝ විවේක කාලය තුලදී විදු භූමියෙන් පිටව යා හැක්කේ විදුහල්පතිතුමාගේ අවසරය ඇතුව පමණි.
  • විදුහල තුලදී පිටතදී, ප්‍රිය වචන භාවිතා කළ යුතු අතර, අනෙක් සියලුම සිසුන් තම සොහොයුරන් සේ සලකා හැමතැන්හිදීම ආරක්ෂා කල යුතුය.
  • විදුහලේ සෑම ගුරුභවතෙකුම කෙරෙහි ආචාරශීලිව, කීකරුව සිටිය යුතුය.
  • විදුහලෙන් බැහැර වූ විටද විදුහලේ ගෞරවය රැකෙන පරිදි හැසිරිය යුතු අතර නිරන්තරයෙන් පාසලේ ගෞරවය රැකිය යුතුය.
  • පාසල් වේලාවෙන් පසු කිසිඳු ශිෂ්‍යයෙකු ගුරුභවතුන්ගේ අවසරයක් නොමැතිව පාසල් ගොඩනැගිලි තුල ගැවසීම නොකළ යුතුය.
  • පාසල් භූමිය තුළ වවා ඇති මල්, පලතුරු ආදී ශාක වර්ගද ආරක්ෂා කළ යුතුය.
  • විදුහලේ ඇති සියලු උපකරණ හා පෙළපොත් ඉතා සුපරික්ෂාකාරිව මැනවින් පරිහරණය කල යුතු අතර, එවා ආරක්ෂා කිරීම ඔබගේ යුතුකම බව හැමවිටම සිහියට ගත යුතුය.
  • පාසල් කාලය තුල මෙන්ම හවස් වරුවේද ක්‍රිඩා පිටියේද රැදී සිටිය යුත්තේ ගුරුභවතෙකුගේ අධීක්ෂණය යටතේ පමණි.
  • පාසල් ආරම්භ වීමෙන් පසු පාසල තුළ තැන තැන නිකරුනේ කාලය ගත කිරීම නොකළ යුතුය.
  • පාසල් දරුවන්ට නොගැලපෙන චිත්‍ර කතා හා අසභ්‍ය පුවත්පත්, වීඩියෝ හා කැසට් පට, ජංගම දුරකතන කිසිවක් පාසලට නොගෙනයා යුතුය.
  • පංති කාමරයේදි හෝ පාසල අවසානයේදි හෝ විදුහල් භූමිය තුළ අනවශ්‍ය ලෙස හඬ නගා කතා නොකළ යුතුය.
  • පාසලට පැමිණෙන සෑම දිනකම සෑම අවස්ථාවකදීම හා අස්වීම හෝ වෙනත් සහතිකයක් ගන්නා අවස්ථාවලදී ප්‍රගති වාර්තා පොත රැගෙන ආ යුතුය.
  • විද්‍යාලීය ගීතය, ජාතික ගීය, නිසියාකාරව ගායනා කළ යුතු අතර සීරුවෙන් සිට එයට ගරු කළ යුතුය.
  • විද්‍යාලීය සම්ප්‍රදායන්ට අනුව ශිෂ්‍ය නායක උපදෙස් පිළිපැදිය යුතුය.
  • විද්‍යාල නීතී රීතී පිලිබඳව දෙමාපියන් තුළද මනා අවබෝධයක් ඇති කිරීම.