පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්‍යය වේ.

කොණ්ඩය
- විලාසිතාවකින් තොරව කොණ්ඩය කොටට කපා පැත්තට පීරා පාසලට පැමිණිය යුතුය.
කමිසය
-
- සුදු අත්කොට කමිස පමණක් ඇඳිය යුතු අතර, එහි ඉදිරිපස හෝ පිටුපසට රැළි නොදැමිය යුතු ය.
- කමිසයේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර සාක්කුවේ දකුණු පස ඉහළ කෙළවරේ පාසලේ නිල ලාංන්ජනය මසා ගත යුතු ය.
- කමිස කොරළය සාමන්‍ය ප්‍රමාණයට විය යුතු අතර, කොළරයට බොත්තම් හෝ අයිලට් නොඇල්ලිය යුතු ය.
- වර්ණවත් බොත්තම්, අකුරු බොත්තම් ඇල්ලූ කමිස නොඇඳිය යුතු ය.
- අත් කොට කමිසයේ අත වැලමිටෙන් අඟල් 1 පමණ ඉහළින් තිබිය යුතු ය.
- අතේ වාටිය අගල් ¾ ක් පමණ ඉහළින් තිබිය යුතු ය.
- කමිස කරෙහි බොත්තම හැර අන් බොත්තම් සියල්ලම පියවා නිසි පරිදි කලිසමට යට කර ඇඳිය යුතු ය.

කොට කලිසම
-
- 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයින් කොට කලිසම ඇඳිය යුතු ය.
- කලිසමේ ඉන පටිය අඟල් 1 ¼ කට වඩා පළල් නොවිය යුතු ය.
- කලිසමේ වාටිය තමාගේ දණහිසට අඟල් 2ක් පමණ ඉහළින් වන සේ මසා ගත යුතු ය.
- කලිසම් වාටිය අගල් 1 ½ පළලට විය යුතු අතර එය කලවේ ප්‍රමාණයට විශාල හෝ තදට හෝ නොතිබිය යුතු ය.
- කලිසමේ පිටුපස ඇතුළට නැවූ සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එය ඉනේ සිට අඟල් 2 ක් පහළින් දකුණින් තිබිය යුතු ය.
- කලිසමේ ඉදිරිපස රැළි අඟල් 2ක් දිගින් විය යුතු ය.

දිගු කලිසම
-
- 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පිරිමි ළමුන් දිග සුදු කලිසම ඇඳිය යුතු ය.
- කලිසමේ ඉන පටිය අඟල් 1 ½ ක් පමණ විය යුතු ය.
- කලිසමේ ඉදිරිපස එක පැත්තක් රැලි 2 බැගින් තිබිය යුතු ය.
- ඉන පටිය තද වන සේ බොත්තම් හෝ හක් එක හරි මැදට නොඇඳිය යුතු ය.
- කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එය ඉනේ සිට අගල් 2ක් පහලින් දකුණු පසට වන සේ මැසිය යුතු ය.
- සීරුවෙන් සිටගත් විට කලිසමෙන් මේස් නොපෙනෙන පරිදි සපත්තු අඩියේ සිට අඟල් 1 ½ ක් පමණ ඉහළට සිටින සේ මැසිය යුතු ය.
- ෆෝල්ඩ් එක සිරුරේ ප්‍රමාණයට අනුව අගල් 14-17 වන සේ මැසිය යුතු ය.
- කලිසමේ ඉන බුරුළට හෝ තදට හෝ නොවිය යුතු ය.

පාවහන්
-
- තද කළු, විලාසිතා නොමැතිව සරල පාවහන් යුගලයක් පැලදිය යුතු ය.
- විවිධ මෝස්තර, ලාංඡන පාවහන් නොපැලදිය යුතු ය.
- කකුළ මුළුමනින්ම වැසෙන සේ බූට්ස් පාවහන් පැලදීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- පාසලේ අනන්‍යතා වර්ණය සහිත මේස් පැළදිය යුතු ය.








