මෙම විදුහලේ ඉතිහාසය කතෝලික දේවස්ථානය පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. හලාවත රෝමානු කතෝලික මිෂනාරී සමාගමේ පුරෝගාමීත්වයෙන් ක්‍රි.ව. 1896 දී මෙම පාසල ආරම්භ විය. පාසල ආරම්භයේදී ප්‍රධාන පරමාර්ථය වූයේ කිතුණු දහම ව්‍යාප්ත කිරීම වුවත් භාෂාව, ගණිතය, සාහිත්‍ය හා වාදනය යන විෂයන් කෙරෙහිද අවධානය යොමු කර ඇත. මිශ්‍ර පාසලක් ලෙස වැඩිදියුණු වී පසුව ශාන්ත ජෝශප් කුමරි විදුහල ලෙස නම් කර ඇත. ක්‍රි.ව. 1950 දක්වා මිශ්‍ර පාසලක් ලෙස පැවතී ඉන්පසුව බාලක හා බාලිකා වශයෙන් විදුහල් දෙකක් බවට වෙන් කෙරුණි. පළමු විදුහල්පති ධූරය දරන ලද්දේ ඊ. නෝමිස් නම් කිතුණු පියතුමෙකි. මුල් අවස්ථාවේ ශිෂ්‍ය සංඛ්‍යාව 33ක් වූ අතර ගුරුභවතුනේ තිදෙනෙක් ඉගැන්වීමේ කාර්යයෙහි නිරත වී ඇත. ක්‍රි.ව. 1960 දක්වා ආධාර ලබන පාසලක් ලෙස පැවත 1960 සැප්තැම්බර් මස 04 වන දින රජයට පවරා ගන්නා ලදී. වසර ගණනාවක් තිස්සේ සත් කොරළයේ දරුවන්ගේ නැණ නුවණ පාදන්නට විද්‍යාලයෙන් ඉටු කළ සේවය අතිමහත්ය. මේ අතරතුර කාලයේ පාසලේ උන්නතිය සඳහා කැපවූ විදුහල්පතිවරු සංඛ්‍යාව 17 කි. 1991 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට පත්විය. එදින සිට කලා සහ වාණිජ අංශවලින් උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුකෙරේ. සියවසකට වැඩි කාලයක් තුළ පාසලේ සිදුවූ සංවර්ධනයත් සමග ශිෂ්‍ය සංඛ්‍යාවේ මෙන්ම ගුරුභවතුන් සංඛ්‍යාවේද සාධනීය වර්ධනයක් සිදුවී තිබේ.
වර්තමානය වන විට සිසුන් 1300ක් පමණ සිප්සතර හදාරණ අතර ආචාර්ය මණ්ඩලය 64 දෙනෙක් පමණ වේ. සිංහල මාධ්‍යෙයන් මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඉගැන්වීමේ කටයුතු සිදුකරයි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා අ.පො.ස. (සා/පෙළ), අ.පො.ස. (උ/පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. එතුළින් ප්‍රතිඵල ඉහළ නැංවීම සමගම සිසුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කිරීමටත් හැකියාව ලැබී තිබේ.
සිසු දරුවන්ගේ පෞරුෂ වර්ධනය හා සමබර මානසිකත්වයක් පවත්වා ගැනීම සඳහාත්, නිරෝගී දරු පිරිසක් බිහි කිරීම සඳහාත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
සෞන්දර්යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන්ගේ රසාස්වාදන හා නිර්මාණාත්මක හැකියාවන් ඔප් නැංවීම සිදුකරනු ලබන අතරම අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් දරුවන් තුළ සුබවාදී ආකල්ප ගොඩනැංවීමටත්, යහපත් හා සමබර මානසික තත්වයන් පවත්වා ගැනීමටත් උපකාරී වේ.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
ගුණ නැණෙන් අනූන, සංවේදී හා මිනිසත් බවින් සපිරි උදාර පුතෙකු සමාජයට දායාද කිරීමේ අරමුණ ඉටුකරීම සඳහා අධ්‍යයන මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1896 මාර්තු 19 |
|
මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ිෂ්‍ය සංඛ්‍යාව |
33 |
|
පළමු විදුහල්පතිතුමාගේ නම |
ඊ. නෝමිස් පියතුමා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ශාන්ත ජෝශප් මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1960 සැප්තැම්බර් 04 |
|
ප්‍රථම ශිෂ්‍යයා භාරගත් වකවානුව |
1896 මාර්තු |







